YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 33

33
ගෝත්‍රවලට ආශීර්වාද කිරීම
1දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.
2ඔහු මෙසේ කීවේය:
ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක, උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක.
ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.
3එසේය, උන්වහන්සේ ජනයන්ට ප්‍රේම කරනසේක;
ඔවුන්ගේ සියලු ශුද්ධවන්තයෝ ඔබ අතෙහිය.
ඔව්හු ඔබ පාමුල හිඳ, ඔබගේ වචන පිළිගන්නෝය.
4යාකොබ්ගේ සභාවේ උරුමයක් කොට මෝසෙස් අපට ව්‍යවස්ථාවක් පනවා දුන්නේය.
5ඉශ්‍රායෙල්හි සියලු ගෝත්‍ර වන සෙනඟගේ ප්‍රධානීන් රැස්වූ කල, උන්වහන්සේ යෙෂුරූන්හි රජව සිටිසේක.
6රූබෙන් නොනැසී ජීවත්වේවා;
එහෙත් ඔහුගේ මනුෂ්‍යයෝ ස්වල්ප දෙනෙක් වෙත්වා.
7යූදාගේ ආශීර්වාදය මේය:
ඔහු කියනුයේ– ස්වාමීන්වහන්ස, යූදාගේ හඬ අසා, ඔහුගේ සෙනඟ වෙතට ඔහු ගෙන ආවමැනව.
ඔහු සියතින් තමා උදෙසා පොර බැදුවේය;
ඔහුගේ එදිරිකාරයන්ට විරුද්ධව ඔබ ඔහුට පිහිටක් වනසේකැයි කීය.
8ඔහු ලෙවී ගැන කියනුයේ– නුඹ විසින් මස්සාහිදී පරීක්ෂාකර, මෙරීබාහි වතුර ළඟදී විවාදකළාවූ,
9තමාගේ පියා ගැනත් මවු ගැනත් මම ඔවුන් නුදුටුවෙමියි කීවාවූ, තමාගේ සහෝදරයන් නෑඳින තමාගේ දරුවන් නොදැන සිටියාවූ, නුඹේ ප්‍රිය තැනැත්තා ළඟ නුඹේ තුම්මීම්ද#33:9 නික්ම, 28:30 බලනු. නුඹේ ඌරීම්ද ඇත්තේය.
මක්නිසාද ඔව්හු ඔබගේ වචනය පැවැත්තුවෝය, ඔබගේ ගිවිසුමද රක්ෂාකෙරෙති.
10ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය.
ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.
11ස්වාමීන්වහන්ස, ඔහුගේ ශක්තියට ආශීර්වාද කොට, ඔහුගේ අත්වල වැඩය පිළිගත මැනව.
ඔහුට විරුද්ධව නැගිටින්නන්ද ඔහුට වෛර වෙන්නන්ද තවත් නොනැගිටින ලෙස, ඔවුන්ගේ තුනටියට ගැසුව මැනවයි කීවේය.
12ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය;
උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.
13ඔහු යෝසෙප් ගැන කියනුයේ අහසේ අනර්ඝ දේවලින්ද පිනිවලින්ද යට තිබෙන ගැඹුරෙන්ද
14සූර්යයාගේ අනර්ඝ අස්වැන්නෙන්ද චන්ද්‍ර මාසවල අනර්ඝ වැවිලිවලින්ද
15පුරාණ කඳුවල උතුම් දේවලින්ද සදාකාල හෙල්වල අනර්ඝ දේවලින්ද
16භූමිය සහ එහි පූර්ණකමේ අනර්ඝ දේවලින්ද ස්වාමීන්වහන්සේ ඔහුගේ දේශයට ආශීර්වාද කරන සේක්වා;
පඳුරෙහි විසූ තැනන්වහන්සේගේ කරුණාවද යෝසෙප්ගේ හිස පිටටත්, තමාගේ සහෝදරයන් අතරෙහි ශ්‍රේෂ්ඨව සිටි තැනැත්තාගේ හිස් මුදුන පිටටත් පැමිණේවා.
17ඔහුගේ ගව කුලුඳුලා වනාහි මහිමය දරයි;
ඔහුගේ අං කුළු හරකාගේ අං මෙන්ය.
එයින් ඔහු ජනයන් පොළොවේ කෙළවර දක්වා එකට තල්ලුකර දමන්නේය.
ඒවා නම් එප්‍රායිම්ගේ දසදහස් ගණන්ය, ඒවා මනස්සේගේ දසදහස් ගණන් යයි කීය.
18ඔහු සාබුලොන් ගැන කියනුයේ–එම්බා සාබුලොන්, නුඹේ නික්ම යාම් ගැනද එම්බා ඉස්සාඛර්, නුඹේ කූඩාරම් ගැනද ප්‍රීති වන්න.
19ඔව්හු කන්දට ජනයන් කැඳවාගෙන, එහි ධර්මිෂ්ඨකමේ පූජා ඔප්පුකරන්නෝය.
මක්නිසාද ඔව්හු මුහුදුවල සම්පූර්ණකමද වැල්ලෙහි සැඟවී තිබෙන වස්තුවද උරාගන්නෝයයි කීය.
20ඔහු ගාද් ගැන කියනුයේ–ගාද් විශාලකරන තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා.
ඔහු සිංහ ධේනුවක් මෙන් හිඳ බාහුව සහ හිස්මුදුනත් ඉරාදමන්නේය.
21ඔහු ප්‍රථම කොටස තමාටම සපයාගත්තේය, මක්නිසාද නීති දායකයා විසින් කොටසක් එහි ඉතුරුකර තිබුණේය;
ඔහු සෙනඟගේ ප්‍රධානීන් කැටුව විත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද ඉශ්‍රායෙල් සමඟ උන්වහන්සේගේ විනිශ්චයන්ද ඉෂ්ටකෙළේයයි කීය.
22ඔහු දාන් ගැන කියනුයේ–දාන් සිංහ පැටවෙක, ඔහු බාෂාන්හි සිට පනින්නේයයි කීය.
23ඔහු නප්තලී ගැන කියනුයේ–එම්බා නප්තලී, කරුණාවෙන් තෘප්තියට පැමිණ, ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදයෙන් පූර්ණව සිටින නුඹ, බස්නාහිර දිශාවද දකුණු දිශාවද හිමිකර ගන්නැයි කීය.
24ඔහු ආෂෙර් ගැන කියනුයේ–ආෂෙර්ට දරුසම්පත ලැබේවා;
ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රීතියක්ව සිටීවා, තමාගේ පාදය තෙලෙහි ගල්වා ගනීවා.
25නුඹේ අගුල් පොලු යකඩ සහ පිත්තලය;
නුඹේ ශක්තියද නුඹේ දවස් මෙන් වන්නේය.
26අහෝ යෙෂුරූන්, නුඹට උපකාර කරන්ට අහස පිටද ස්වකීය මහිමයෙන් වලාකුල් පිටද නැගී එන්නාවූ දෙවියන්වහන්සේට සමාන කෙනෙක් නැත.
27සදාකාල දෙවියන්වහන්සේ නුඹේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ නුඹ දරා සිටින්නෝය.
නුඹ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.
28ඉශ්‍රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි;
එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි.
29එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය.
ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද?
උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය.
නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය;
නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy