YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 1:26-31

ද්වීතීය කථාව 1:26-31 SROV

එසේවීනුමුත් නුඹලා යන්ට නොකැමැතිව නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගසා, නුඹලාගේ කූඩාරම්වල සිට කොඳුරමින්: ස්වාමීන්වහන්සේ අපට වෛරවූ බැවින් අප විනාශකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට මිසර දේශයෙන් අප ගෙනාසේක. අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය. එකල්හි මම නුඹලාට කථාකොට: තැති නොගන්න, ඔවුන් ගැන භයනොවන්න. නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම නුඹලා උදෙසා යුද්ධකරනවා ඇත. මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් නුඹලා මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ උසුලා ගෙනා බව නුඹ දැකලා තිබේ.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy