YouVersion Logo
Search Icon

දානියෙල් 9:1-5

දානියෙල් 9:1-5 SROV

කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත්කරනු ලැබුවාවූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍රව දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී, එනම් ඔහුගේ රජකම්කිරීමේ පළමුවෙනි අවුරුද්දේදී, යෙරුසලම පාළුව තිබීමේ සම්පූර්ණත්වයයයි ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු අවුරුදු ගණන සැත්තෑ අවුරුද්දක් බව දානියෙල් වන මම පොත්වලින් තේරුම්ගත්තෙමි. එවිට මම නිරාහාරව, ගෝණි රෙදිද අලුද ඇතුව, යාච්ඤාවෙනුත් කන්නලව්වලිනුත් ස්වාමීවූ දෙවියන්වහන්සේ සොයන පිණිස මාගේ මුහුණ උන්වහන්සේ දෙසට හරවා, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට පව් කියාදෙමින්, මෙසේ කීමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකොට ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයංකරවූ දෙවියන්වහන්ස, අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරළිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy