YouVersion Logo
Search Icon

2 තිමෝති 1:1-8

2 තිමෝති 1:1-8 SROV

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන්වන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්, මාගේ ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා. මම රෑ දාවල් කඩනැතුව මාගේ යාච්ඤාවලදී නුඹ සිහිකරමින්, මුතුන් මුත්තණුවන් පටන් පවිත්‍ර හෘදයසාක්ෂියකින් මා සේවයකරන දෙවියන්වහන්සේට ස්තුතිකරමි. එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි. ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. නුඹ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි. ඒ කාරණය නිසා මාගේ අත්තැබීම කරණකොටගෙන නුඹ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට නුඹට සිහිකරවමි. මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය. එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy