නායක පූජකවූ හිල්කියා ෂාපාන් ලේකමට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මට සම්බවීයයි කියා පොත ෂාපාන්ට දුන්නේය, ඔහු ඒක කියෙවුවේය. ලේකම වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්: ගෘහයෙහි තිබුණ මුදල් ඔබගේ සේවකයෝ රැගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩ කරවීමට පත්ව සිටින්නන් අතට දුන්නෝයයි රජුට කීවේය. තවද ෂාපාන් ලේකමට කථාකොට: පූජකවූ හිල්කියා පොතක් මට දුන්නේය කියා රජුට දන්වා ඒක රජු ඉදිරියෙහි කියෙවුවේය. රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල තමාගේ ඇඳුම් ඉරාගෙන, පූජකවූ හිල්කියාටත් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටත් මිකායාගේ පුත්‍රවූ අක්බොර්ටත් ෂාපාන් ලේකමටත් රජුගේ සේවකයාවූ අසායාටත් අණකොට
Share
Read 2 රාජාවලිය 22
Save verses, read offline, watch teaching clips, and more!
YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy
Home
Bible
Plans
Videos