YouVersion Logo
Search Icon

1 රාජාවලිය 19:4-10

1 රාජාවලිය 19:4-10 SROV

තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය. ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය. ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය. තවද ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා: ගමන නුඹට දුර වැඩි නිසා නැගිට කන්නැයි කීවේය. ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ, එහි ගුහාවකට ඇතුල්ව නවාතැන් ගත්තේය; ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහු වෙතට පැමිණියේය, උන්වහන්සේ ඔහුට කථාකොට: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy